ලබන වසරේ සිට නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවීම මැනීමේ ක්‍රියාවලිය සිදු කරන බැවින් ඒ සදහා අවශ්‍ය නව උපකරණ මිල දී ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට පරිසර ඇමති මහින්ද අමරවිර මහතා උපදෙස් දෙයි.
පරිසර අමාත්‍යාංශයේ නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ඊයේ (30) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදී ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කරලීම සඳහා අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර අමාත්‍යවරයා පරිසර සභාවට උපදෙස් දෙයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට පරිසර සභාවේ නව සාමාජිකත්වය ලද වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇතුළු සාමාජිකයින් 25 දෙනාම සහභාගි ව සිටියහ.
කොළඹ , ගාල්ල, කුරුණෑගල හා මහනුවර ඇතුළු ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දිවාකාලයේ විශාල වාහන තදබදයක් පවතිනවා. මේ නිසා එම නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවීම මැනීමේ නව උපකරණ මිල දී ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා. ඒවා ලබන වසරේ සිට ක්‍රියාත්මක කළ යුතුයි.
නාගරික ප්‍රදේශවල වායුගෝලීය තත්ත්වයන් පරීක්ෂාවට ලක් කිරීම තවමත් සතුටු දායක මට්ටමක නෑ.
විශේෂයෙන් මහනුවර නගරය තුළ වායුගෝලීය තත්ත්වයන් ඉතාමත් දූෂිතයි. කොරෝනා රෝග තත්ත්වය නිසා අපි මුව ආවරණ පැළඳ සිටිනවා වගේම ඉදිරියේ දී පැය විසිහතර පුරාම සමහර විට විෂ වායු ආඝ්‍රාණයවීම වැළැක්වීම සඳහා දැනට වඩා දියුණු මුව ආවරණ යොදා ගැනීමට අපිට සිදුවේවි.
අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.
