තොරතූරු දැන ගැනීමේ පනතට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල අඩංගු සංයුතිය පිළිබඳ වාර්තාව ජනතාවට දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කිරීමට පියවර ගැන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඉල්ලාසිටී.
පසුගිය දින කීපය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් පිළිබඳ සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබිණ..
එලෙස උද්ගත වූ තත්වයෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ 12 කින් ලබා ගත් ගෑස් සාම්පල 12ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රසායනාගාර තුල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාවක් මොරටුව විශ්ව විද්‍යාලය විසින් ලබා දීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මින් පෙර ප්‍රකාශ කරන ලදී.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කර තිබුනේ ඒ පිළිබඳ වාර්තාවක් අද (01) දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දීමට නියමිත බවයි.
නමුත් එසේ ලබාදෙන වාර්තාව ලබා දීමෙන් අනතුරුව, තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද ප්‍රේම්නාත් දොළවත්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.