ගාල්ල දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
එහි තවත් පියවරක් ලෙස බිත්තර නිෂ්පාදන ගම්මානයක් උඩුගම ග්‍රාම නිලධාරී වසමේ ආරම්භ කර තිබේ.එම වසමේ පවුල් 40ක් සදහා කුකුළු පාලනය සදහා අවශ්‍ය උපකරණ ලබාදීම සිදුවිය.
කුකුළු පාලනය සදහා එම පවුල් සදහා ඉදිරියේ තවදුරටත් දැනුම සහ අවශ්‍ය සම්පත් තවදුරටත් ලබාදීමට නියමිත බව එම කාර්යාලය පවසයි.
මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා සහ ඉසුරු දොඩංගොඩ මංත්‍රීවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියේය
