මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ දී පැවැත්වෙන පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව දඹානේ සිට කොළඹට නොගෙන්වා ලෙසත් Zoom යෙදවුම මගින් සහභාගි කරගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ (30) උපදෙස් දුන්නේය.
ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පරිසර සභාවේ සාමාජිකයෙක් වශයෙන් පත් කරන ලද්දේ ප්‍රථම වතාවට ය. මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ එකදු අවස්ථාවක දී හෝ පරිසරයට ආදරය කරන එමෙන්ම පරිසරය පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පත් කිරීමට පියවර ගෙන නොතිබිනි.
එම නිසා පරිසර සභාවේ සාකච්ඡා හා හදිසි රැස්වීම් සඳහා ZOOM යෙදවුම මගින් ඒවාට සහභාගි වීමට අවස්ථාව සලසන ලෙසත්, මධ්‍යම පරිසර අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් ඊට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නැයි ද අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.
දඹානේ ආදිවාසී ගම්මානයේ සිට ම වන්නියලැත්තන් ඊට සහභාගි කරවීමට හැකියාව ඇත්නම් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.
ඊයේ ( 30) සුරකිමු ගංගා වැඩ සටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට මෙම උපදෙස් ලබා දුන්නේය.
විශේෂයෙන්ම පරිසර සභාවේ 14 වැනි සැසිවාරයේ දී වන්නියලැත්තන් විසින් සිදු කරන ලද අරුත්බර දේශනය සම්බන්ධව ද අදහස් පළ කළ අමාත්‍යවරයා මෙතෙක් පරිසර සුරක්ෂිතභාවය උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තමන් සවන් දුන් හොඳම දේශනය ආදිවාසි නායක වන්නියලැත්තන් විසින් සිදු කරන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
