මෙරටින් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතව රෝගියකු හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ.. අය 25 හැවිරිදි තරුණියක් නයිජීරියාවේ සිට මෙරටට පැමිණි හලාවත ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු බවට වාර්තා වේ.
“නයිජීරියාවෙන් පැමිණි වයස අවුරුදු 25ක් වු කාන්තාවක් තමා ආසාදිත වෙලා තියෙන්නේ. රෝගියා දැනට ඇයගේ නේවාසික ප්‍රදේශයේ තමා ඉන්නේ. මොකද මේ තැනැත්තිය පොසිටිව් ලෙඩෙක් හැටියට ආරංචි වුණාට පස්සේ, ප්‍රතිකාර මධ්‍යස්ථානයක නියමිත කාලය තියාගෙන හිටියා. ඒ වගේම ඒ කාලසීමාව තුළ එම තැනැත්තිය තියාගෙන ඉඳලා තියෙන්නේ වෙනම කාමරයක. එතැනින් තවත් කෙනෙකුට බෝවෙන්න තියෙන ඉඩ නැහැම කියනවා නෙමෙයි අවමයි. ඒ අනුව එම රෝගියාව රෝහලෙන් නිදහස් කරනවිට තවදුරටත් බෝකිරීමේ හැකියාවක් නැතිවුණාට පස්සෙයි නිදහස් කරන්නේ. කෙසේ නමුත් එම තැනැත්තිය මේ අතර තුළ ආශ්‍රය කළ ගමන්බිමන් ගිය අය අනුව සමහර විට අපි දන්නේ නෑ කොයි ආකාරයට ද වෙලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳව පරීක්ෂණ තවම කරගෙන යනවා. ඒ අනුව එතැනිනුත් කළ හැකි පාලන කටයුතු කරනවා. අපි මතක තබාගත යුතුයි මේ ආකාරයෙන්ම පිටරටින් පැමිණි පුද්ගලයින් මේ රෝගය රැගෙන ඒමට ඉඩතියෙනවා. ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනිමින් අපි හිතනවා ඒ අයවත් හැකි ඉක්මනින් හොයා ගන්න පුළුවන් වෙයි කියලා.”
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවය.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මස 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06ක් සඳහා තහනමක් පනවනු ලැබුවද එම රටවල් අතරට නයිජීරියාව ඇතුළත් කර නොමැත.
දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියා, ස්වාසිලන්තය, ලෙසතෝ යන රටවල් සඳහා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේය.
