කෘෂිකර්ම නිෂ්පාදන ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් වසම් පහක පවුල් 149ක් සඳහා රුපියල් 13,10,000ක ආධාර මුදල් පාංශු සංරක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අතින් බෙදා දෙනලදී .
එමෙන්ම පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජන සංවිධාන සඳහා අමාත්‍යවරයාගේ විමධ්‍යගත මුදලින් මිල දී ගත් ප්ලාස්ටික් පුටු බෙදා දීම ද මෙදින සිදු විය. බහුතර ජනතාවක් කෘෂිකර්මය ජීවනෝපාය කර ගත් දෙල්තොට ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා උපයෝගි කර ගත හැකි ප්ලාස්ටික් කූඩ බෙදා දීමද මෙදිනම අමාත්‍යවරයා අතින් සිදු විය.
මේ අතර පරිසර හිතකාමී සංචාරක වැඩසටහන යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන හේවාහැට රහතුන්ගොගොඩ වතුයායේ සංචාරක නිවස්නය විවෘත කිරීම ද කෘෂිකර්ම අමාත්‍යවරයා අතින් පෙරේදා (04)සිදු විය. මේ අවස්ථාවට ජනවසම සභාපති බුවනෙක අළුවිහාරේ මහතා ද සහභාගී වී සිටියහ. කාපට් අතුරා සංවර්ධනය කරන ලද නාවලපිටිය ගලබඩ මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ද මෙදින අමාත්‍යවරයා අතින් සිදුවිය. මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 22.10 කි.
