නෝවේනියානු ජාතිකයෙකු විසින් Viskud (විෂ්කාඩු) නමින් මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ බෝට්ටු නිෂ්පාදනාගාරයක් ආරම්භ කර තිබේ.
මෙම නිෂ්පාදනාගාරය තුළින් ලංකාවේ සියළුම ධීවරයන්ට අවශ්‍ය බෝට්ටු නිෂ්පාදනය කිරීම සදහා තම ආයතනයට හැකියාව පවතින් බවත්, එමගින් මෙරට තරුණ තරුණියන් බොහෝ පිරිසකට රැකියා අවස්ථාවන් උදා කිරීමටද තමන්ට හැකියාව ඇති බවත් නෝවේනියානු ජාතික බෝට්ටු නිෂ්පාදනාගාරයේ හිමිකරු පවසා සිටි.

මෙම අදහස් පවසා ඇත්තේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රදේශයේ ඊයේ එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරතවු අවස්ථාවේදීයය..
උතුරේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ටද අවශ්‍ය වන බෝට්ටු නිෂ්පාදනය කිරීමට එම ප්‍රදේශයේද බෝට්ටු නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය
කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක්කර තිබේ. බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දිරිගැන්වීම සදහා අමාත්‍යාංශ මගින් ලබා දිය හැකි සියළු සහයෝගයන් මෙම කර්මාන්තශාලාව වෙත ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසා තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විදේශීය ඉල්ලුම සදහා බෝට්ටු නිෂ්පාදනය කර අපනයනය කිරීමෙන් විදේශ විනිමය වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්ය.
