Spread the love

මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා යුධ හමුදාවේ පූර්ණ දායකත්වය ලබා ගැනීමට තීරණය කර ඇතිබව කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ශශීන්ද රාජපක්ෂ මහතා පැවසීය.

කාබනික පොහොර බෙදා හැරීමේ කටයුතු සදහා ද යුධ හමුදාවේ දායකත්වය ලබා ගන්නා බවද පැවසීය.මෙම කටයුතු අධීක්ෂණය කිරීම සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.

මේවන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර මෙහෙයුම් මැදිරිය කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථාපිත කිරීමට නියමිතයි.