ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම්ස් බරාකුස්කි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වී ප්‍රකාශ කළේය.
මේ අනුව පෝලන්ත ආයෝජකයින් කණ්ඩායමකට නුදුරු කාලයේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සූදානම් කීරිමට ද දෙපාර්ශවය එකඟ වූයේ පෝලන්ත තනාපතිවරයා හා කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (7) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදීය.
මෙම හමුවේදී මෙරට කෘෂිකර්ම නිෂ්පාදන පෝලන්තයට අපනයනය කිරීම හා දෙරට අතර කෘෂි නිෂ්පාදන හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෝලන්ත තානාපතිවරයාගේ අවධානය යොමු කළ අතර, පෝලන්තයේ දියුණු කෘෂි තාක්ෂණය මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
