දිවයිනෙන් ඊයේ (08) දිනයේ කොරෝනා ආසාදිතයින් 757 දෙනෙකු වාර්තා වූ බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569928 ක් වෙයි.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 356 සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටවගොස් තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 543467 ක් බවද පැවසීය.
මේ අතර මෙරට (07) පෙරේදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 28 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14533 දක්වා ඉහළගොස්ඇතිබව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.