.
සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍ර දේශය තුළ කැළණිගඟට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් ඇති බවත්, එම ප්‍ර දේශය තුළ පිහිටා ඇති කර්මාන්ත ශාලා 7000කින් 3000ක්ම පරිසර බලපත් ලබා ගෙන නොමැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කැළණි ගඟ අපවිත්‍ර කරනු ලබන ස්ථාන හඳුනා ගැනීම සඳහා අද දින (09) කැළණි ගඟේ සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. නාවික හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අංශ ගණනාවක් සමග එක්ව මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කරනු ලැබීය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අපේ රටේ සමස්ත ගංගා පද්ධතියම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත සමීක්ෂණයක් මේ වන විට සිදු කර තිබෙන අතර එම සමීක්ෂණයේ ප්‍රතිපල අනුව අපේ රටේ දූෂිතම ගංගාව වන්නේ කැළණි ගංගාව බවත්, ගම්පහ හා කොළඹ ජනගහනයෙන් සියයට 80කට වඩා පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ මෙම ගංගාවෙන් බවත් පරිසරඇමතිවරයා අවධාරණය කළේය..
මෙතෙක් ලොව කිසිදු රටක් තමන්ගේ රටේ ඇති සමස්ත ගංගා පද්ධතිය සංරක්ෂණයට වැඩ සටහන් ක්‍රියාත්මක කර නැහැ. ඉන්දියානු රජය විසින් පවිත්‍ර ගංගා වැඩ සටහන යටතේ සංරක්ෂණය කළේ ගංගා නම් ගඟ පමණයි. සිංගප්පුරුවත් එක් ගඟක් පමණයි.
නමුත් අපි පරිසර අමාත්‍යාංශය වශයෙන් ආරම්භ කළ සුරකිමු ගංගා වැඩ සටහන යටතේ අපේ රටේ ඇති ගංගා 103ම සංරක්ෂණයට අවධානය යොමු කර තිබෙනවා. ඒ සඳහා 2021 වසරේ රුපියල් මිලියන 200ක් ලබා දුන්නා. ඒ වගේම 2022 සඳහා එම මුදල රුපියල් මිලියන 2000 දක්වා වැඩි කර තිබෙනවා.
අපේ රටේ ගංගා 103ක් තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණය අනුව සමස්ත ගංගා පද්ධතියම අපවිත්‍ර කරනු ලබන ස්ථාන 10,733ක් වාර්තා වෙනවා.
අපේ ගංගා පද්ධතියෙන් දූෂිතම ගංගාව වන්නේ කැළණි ගඟයි. කොළඹ නගරය ආශ්‍රිතව කැළණි ගඟ දූෂණය වන ස්ථාන ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577 කුත් ඇතුළත්ව ස්ථාන 1374ක් මගින් කැලණි ගඟට දුෂිත අපද්‍රව්‍ය එක්රැස් වන බව තහවුරු කර ගත්තා.