ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (09) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිස් වැනි මහලේ පිහිටි එම අමාත්‍යංශයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන චන්ද්‍රගුප්ත මහතා මීට පෙර සෞඛ්‍ය, අධ්‍යාපන, ආයෝජන ප්‍රවර්ධන,රාජ්‍ය පරිපාලන,බස්නාහිර පලාත් සභාව, මහා භාණ්ඩාගාරය, බේරුවල ප්‍රාදේශීය ලේකම්, කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ආදි ආයතන ගණනාවක තනතුරු ගණනාවක් හොබවා ඇත.