“
මැලේසියාවේ සහ ශ්‍රී ලංකාවේ “ත්‍රී රතන” සමාජ සේවා ආයතනය මගින් රු. 2,371,000.00 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඖෂධ නිෂ්පාදනය,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත පරිත්‍යාගය කරනලදි.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධර්මරතන නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කරන ලද හා උපදේශකත්වය දරන “ත්‍රී රතන” මැලේසියා හා ශ්‍රී ලංකා සමාජ සේවා ආයතනයේ අධ්‍යක්ෂිකා සුභද්‍රා බණ්ඩාර මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
මෙම පරිත්‍යාග අතරට Medical Oxygen Concentrator 5L, Covid 19 Self text kit, Oxygen Mask – Adult W/82” Tubing, Nasal Cannula – Adult යන වෛද්‍ය උපකරණ ද ඇතුළත් වේ.