Spread the love


බලපත්‍රලාභී බැංකු මගින් ලබාදෙනු ලැබූ සංචාරක ක්ෂේත්‍රයට අදාල ණය පහසුකම් සහ කල්බදු මූල්‍යකරණ පහසුකම් (ලීසිං) සඳහා සහන කාලය එළැඹෙන නව වසරේ ජූනි මස 30 දක්වා දිගු කර ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තවද බැංකු නොවන මූල්‍ය ආයතන විසින් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වාහන සඳහා ලබා දී ඇති කල්බදු මූල්‍යකරණ පහසුකම් සඳහා ද පවතින සහන කාලය 2022 මාර්තු 31 දක්වා ලබාදී ඇතැයි ද ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි. එසේම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකරුවන් 2570 දෙනෙකු සඳහා රුපියල් මිලියන 48.8ක් ද රියදුරන් 2152ක් සඳහා තවත් රුපියල් මිලියන 31.28ක් ද සංචාරක සංවර්ධන අධිකාරිය හරහා ලබා දී ඇත.

මෙරට සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් වූ දුර්මත ලොව පුරා ප්‍රචාරය නොකරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඇමතිවරයා මෙසේ ඉල්ලා සිටියේ පසුගිය දා (06) ස්ථාවර නියෝග 27(2)යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇමතිවරයාට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.