Spread the love

විවිධාකාරයෙන් ලබාගත් විදේශ මුදල් ජනතාව අත ඇති නම් ඒවා යෙදවිය හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතිබව ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව විදේශ සංචාර සදහා රැගෙන ගොස් ශ්‍රි ලංකාවට ආපසු ගෙනඑන ලද විදේශ මුදල්, විදේශ සංචාර සදහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකින් ආපසු ගන්නා ලද විදේශ මුදල්, විදේශ රැකියාවකින් වෘත්තියකින් හෝ ව්‍යාපාරයකින් උපයාගෙන ශ්‍රි ලංකාවට රැගෙන ලද විදේශ මුදල් සහ පසුගිය වසරේ ජනවාරි මස පලවැනි දිනට පසුව විශේෂ තැන්පතු ගිණුම් වල තැන්පත් කිරිම සදහා මෙරටට රැගෙන එන විදේශ මුදල් සදහා විශේෂ වරප්‍රසාද ලබාදී ඇතිබව සදහන් කරයි.

එම මුදල් මෙම මාසය තුළදී ඩොලරයකට රුපියල් 210 බැගින් ඕනෑම බැංකුවකින් ශ්‍රි ලංකා රුපියල් වලට මාරු කර ගැනිම සිදුකළ හැකිය.නැතහොත් මේ මාසය තුළදී ඩොලරයකට රුපියල 210 බැගින් වන සේ ඕනෑම බැංකුවක ශ්‍රි ලංකා රුපියල් ගිණුමක තැන්පත් කළ හැකිය.එමෙන්ම ඕනෑම බැංකුවක ඇති පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ හෝ විශේෂ තැන්පතු ගිණුමේ එම මුදල් තැන්පත් කළ හැකිය.

එසේ නැතහොත් ගණුදෙනු කරන බැංකුව හරහා ශ්‍රි ලංකා සංවර්ධන බැදුම්කර වල එම මුදල් ආයෝජනය කිරීමේ හැකියාව පවතියි. මෙලෙස විකල්ප ක්‍රියාමාර්ග වල යෙදවිය හැක්කේ අමෙරිකානු ඩොලර් පහළොස් දහසක් හෝ ඊට සමාන අගයක් ගන්නා වෙනත් විදේශ මුදල් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.