Spread the love

මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කර බස්රථ 25ක් නොවැම්බර් 01 සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතිබව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

මෙම බස්රථ වැල්ලවත්ත ප්‍රදේශයේ සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ධාවනය වන බවත් කිසිදු බලපත්‍රයක් ලබානොගෙන ඇති බව ත් ජනතාවගෙන් අධික මිල ගණන් අයකරන බවත් පැවසුවේය.