අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ කිරුළපන පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ඉදිකෙරුණු මහල් නිවාස සංකීර්ණය (15) හෙට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
එය නිවාස 528කින් සමන්විත වෙයි.ඒ සදහා රුපියල් මිලියන 1,900 ක් වැයකර ඇතිබව පවසයි.එම නිවාස සංකීර්ණය “කොළොම්තොට සරසවි උයන” ලෙස නම්කර ඇතිබව එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.
