Spread the love


කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ලොව ප්‍රසිද්ධ පාරිසරික ආයතනයක් වන World Agro-forestry (ICRAF) ආයතනයේ ප්‍රධානි Dr. Fergus Sinclair මහතා අද දින (14) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතර හමුවක් පරිසර අමාත්‍යාංශයේ දී සිදු විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික අරමුදල්වලට අදාලව පරිසර ව්‍යාපෘති අදාල කර ගැනීම හා ඒවා සැලසුම් කිරීම පිළීබඳව මෙහිදී සාකච්ඡා විය.
World Agroforestry (ICRAF) ආයතනය යනු මේ වනවිට පරිසර ව්‍යාපෘති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පවතින ජාත්‍යන්තර ආයතනයකි. ශ්‍රී ලංකාවේ පාරිසරික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී තම ආයතනය සතු දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
එමෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය. ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාවය මෙන්ම කාලගුනික විපර්යාසවලට මුහුණ දීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඉදිරියේ ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළ සම්බන්ධව ද අදහස් පළ කළේය.
පරිසර ලේකම්වරයා විසින් Bio – Diversity Sri Lanka වාර්තාවේ පිටපතක් Dr. Fergus Sinclair මහතාට පිරිනමනු ලැබීය.