ගාල්ල අහුන්ගල්ල එගොඩමුල්ල තොටුපලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් තිදෙනෙකු අතුරුදන් වී ඇතිබව අහුන්ගල්ල පොලිසිය පවසයි.
පෙරේදා සවස 04.00 පමණ යාත්‍රාව මුහුදුගොස් තිබේ.යාත්‍රාව එක්දින ධීවර යාත්‍රාවකි.මෙතෙක් යාත්‍රාව ගොඩබිමට පැමිණ නොමැති බව පොලිසිය සදහන් කරයි.
අහුන්ගල්ල බිත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙකු ධීවර කටයුතු සදහාගොස් තිබේ.
අතුරුදන් වූ යාත්‍රාව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
