දුම්රිය ස්ථානාධිපති වරු ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ප්‍රවාහන අමාත්‍යතුමියගේ දැනුවත් කිරීම මත ඊයේ (14) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැති සාකච්ජාවේදී අපට මේ වන විට බලපා ඇති සියලුම ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස එක් එක් කරුණු වශයෙන් මෙහි දී සාකච්ඡා කොට ඒ මොහොතේම විසඳුම් ලබා දිය යුතු ගැටලු වලට , ක්ෂණිකව මැදිහත් වී විසදුම් ලබා දීමට කටයුතු කල අතර, උසස්වීම් ,බඳවාගැනීමේ පරිපාටිය හා ස්ථාන මාරූවිම් ගැටලු වලට දෙපාර්තමේන්තුවේ අදාලා නිලධාරීන් කැදවා ප්‍රවාහන අමාත්‍යතුමිය කැදවා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එම ගැටලු ද කඩිනමින් විසදුම් ලබා දෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය වෙත දැන්වු බව සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේය.
මේ වන විට නවීන දුම්රිය මැදිරි ගෙන්වීමක් කර තුබුණ ද එම මැදිරි ධාවනයට එක් නොකොට අබලන් මැදිරි ධාවනයට එක් කර තිබීම පිලිබන්දව එතුමා විමර්ශණයක් සිදු කරන බවත් එම විමර්ශනයෙන් අනතුරුව එම ගැටලු විසදා දෙන බවත්, මහව ඕමන්ත මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සැකසීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බවත්, මාතර බෙලිඅත්ත මාර්ගයේ සිග්නල් ගැටලු පිලිබදව ද සොයා බලා මගී ජනතාව අපහාසුතාවයට පත් වන්නේ නම් ඊට ද විසඳුම් ලබා දෙන බවට මේහිදී පොරොන්දු වි තිබේ.
ඒ අනුව සංඛේතාත්මක ආරම්භ කර , කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල වැඩ වර්ජනය තාවකාලික අත්හිටුවීමට පියවර ගත් බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
