Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ඒ අනුව කුඩා තේ වතු හිමියන් සදහා අවශ්‍ය උසස් තත්වයේ තේ පැළ,කාබනික පොහොර සහන දායි මිලට ලබාදීමට නියමිතයි.

එහි තවත් අදියරක් නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක විය.

එහිදී පවුල් 40ක් සදහා තේ පැල 1200 බෙදා දීම සිදුවිය.මේ අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.