පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුව ඇති බවයි.
මේ සමග වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ යනු ඇති.