Spread the love
14 හැවිරිදි පාසල් සිසුවියක් සහ 20 හැවිරිදි තරුණයෙකු ගලේවෙල – ආඳාගල ප්‍රදේශයේ නිවසක ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය පාසල් සිසුවිය සහ තරුණයා කලකට පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව දෙදෙනා නිවසින් පැන ගොස් තිබෙනවා.

පැන යාම සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශන වලදී ඔවුන් දෙදෙනා සොයා ගෙන තිබේ. එහිදී අදාළ තරුණයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර පාසල් සිසුවිය පරිවාස අධීක්ෂණය යටතේ ඇයගේ මව භාරයට පත්කර තිබූ බව පොලිසීය සඳහන් කරයි.

කෙසේ වෙතත් නැවතත් මොවුන් දෙදෙනා නිවසින් පැන ගොස් මෙම තරුණයාගේ ගම් ප්‍රදේශයේ පාළු නිවසක රැඳී සිටියදී ඒ පිළිබඳව සිසුවියගේ මවට ලැබුණු ආරංචියක් මත අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සිය දියණිය සහ තරුණයා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බව මව විසින් පොලීසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.