Spread the love

මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙසේ මරණ තර්ජන එල්ල වී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් සිදු වෙමින් ඇති බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ඔවුන් මෙම අදහස් පළ කළහ.