මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද සංශෝධන සහිතව සම්මත විය.
ඒ සදහා පැවති විවාදය තෙවන වර කියවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 97ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවිය.
ඒ අනුව පනත තෙවැනි වර කියවීම සම්මතවූ බව කතානායකවරයා පැවසීය.
විපක්‍ෂය දිගින් දිගටම චෝදනා කලේ මේ හරහා පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.