කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) දිනයේ පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක කාලයක් අත්‍යාවශ්‍ය කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.