නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 7 ක් මියගොස් ඇත.
එසේම අනතුරෙන් 41 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 6 ක් හා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.
පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු විය.