
නිමල් රාජපක්ෂ-
විදේශීය මත්පැන් ලෙස ශ්‍රී ලංකාවේ මත්පැන් බෝතල් වලට ලේබල් හා ස්ටිකර් ගසා අලෙවි කරන මහා පරිමාන මත්පැන් ජාවාරමක් ඒකල ප්‍රදේශයේදී වටලා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ජාඇල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු නිලධාරීන් වැටලිම සිදු කරන අවස්ථාවේදීත් අදාල පුද්ගලයා දේශීය මත්පැන් බෝතල් වලට විදේශීය මත්පැන් බෝතල් වල ස්ටිකර් අලවමින් සිටි බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ මහතා පවසයි.
සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබු අතර ඒ මොහොතේම එම ස්ථානයට පැමිණි සහකාර සුරාබදු කොමසාරිස්වරයා අදාල සිද්ධිය පිළබදව වහාම විමර්ශන පවත්වා නිීතිය තදින් ක්‍රියාත්මක කරනලෙස උපදෙස් ලබා දී තිබේ.

විදේශීය රටක සිට මෙරටට පැමිණි පුද්ගලයා ග්‍රීසියේ නිෂ්පාදිත මත්පැන් ලේබල් බෝතල් මුඩි හා ස්ටිකර් දේශීය වෙලද පලේ මත්පැන් බෝතල් ගෙන විස්කි බව පවසමින් බොහෝ උත්සව අවස්ථා සදහා අලෙවි කර ඇතැයිද වාර්තා වෙයි.
මෙම මත්පැන් බෝතලයක් රුපියල් හාරදහසේ සිට රුපියල් හයදහස දක්වා මිලකට අලෙවිකර ඇතැයිද වාර්තාවෙයි.
ජාඇල සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේද අධික්ෂණය යටතේ ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලිම සිදු කර තිබිණ.
තව දුරටත් අදහස් දැක්වු ජාඇල සුරාබදු ස්ථානාධිපතිවරයා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න