Spread the love

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමනය කිරීමට පැමිණෙන ඉන්දීයානු බහුදින ධීවර යාත්‍රා වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා පවසයි.
අමාත්‍ය එස් ජයශංකර් මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ධීවර අමාත්‍යාංශ නිලධාරින් සමග පැවැති සාකච්ජාවකදී මේබව අනාවරණය කෙරිණ.

මෙහිදී ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දුන්නේ මෙම ගැටළුව ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මෙන්ම සාගර පරිසරයට ද දැඩි ලෙස බලපාන බවත් එම නිසා මෙය නැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කල යුතු බවත්ය.
මේ පිළිබදව තමන් පසුගිය රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල මහින්ද රාජපක්ෂ මහතාගේ තමන් සමග ඉන්දියාවේ කරන ලද සංචාරයේදී ගත යුතු පියවරයන් පිළිබදව ඉන්දියානු රජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට ඉදිරිපත් කල බවත්ය .
එම අවස්ථාවේදී මෝදී මහතා එම යොජනා පිළිබද සලකා බලා අදාල ක්‍රියාමාර්ග ගන්නා බව පැවසු අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද අමාත්‍යවරයා ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ පිළිබදව ඉන්දියානු රජය නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඊට අදාල ප්‍රාන්ත රජයන් සමග සාකච්ඡා කොට මේ සදහා අවශ්‍ය නීතිමය පියවරයන් ගන්නා බවද පැවසීය.