Spread the love

ඩීසල් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී ඇති කැලණිතිස්ස බලගාර සංකීර්ණයේ බලාගාර දෙක සදහා අද (14) පෙරවරුවේ ඉන්ධන මෙට්ට්‍රික්ටොන් 3000ක් ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම ඉන්ධන ලැබීමත් සමඟ අදාළ බලාගාර යළි පණ ගැනීමට හැකි වනු ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.ජාතික විදුලි පද්ධතියට අයත් සෙසු බලාගාර වල කාර්මික දෝෂයක් හට නොගතහොත් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකි බව එම මණ්ඩලය සදහන් කරයි.

එම ඉන්ධන තොග ප්‍රමාණවත් වනුයේ දින 02 බව සදහන් කරයි.තවත් ඉන්ධන තොග කඩිනමින් එම බලාගාර වෙත ලබාදීමට අවශ්‍යව ඇතිබව එම මණ්ඩලය සදහන් කරයි.(13) ඊයේ දවල් කැලණිතිස්ස බලගාර සංකීර්ණයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් ඩීසල් නොමැති වීම හේතුවෙන් අක්‍රීය විය.

එසේ අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක් අහිමි වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට පැය 02 ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි විය.පසුව යළි විදුලි පද්ධතිය යථා තත්වයට පත්කර අතර යළි රාත්‍රි කාලයේද පැය 02 ආසන්න කාලයක් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බලය විසන්ධි විය.