Spread the love

ලබන අගෝස්තු මාසයේ සිට ලබන මාර්තු මාසය දක්වා කාලය තුළ මෙරට පරිභෝජනය සදහා අවශ්‍ය සහල් තොග පිටරටින් ආනයනය කිරීමට සිදුවනු ඇතිබව කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

රටට ප්‍රමාණවත් වී අස්වැන්නක් මෙවර යල කන්නයේදී නොලැබෙනු ඇතිබව එහිදී සදහන් කළේය.පසුගිය මහ කන්නයේ වී අස්වැන්න 50% මට්ටමට අඩු වූ බව එම සංගමය සදහන් කරයි.මෙවර යල කන්නයේදී වී අස්වැන්න ඊටත් වඩා අඩුවනු ඇතිබව කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සදහන් කරයි.

මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසුවේ පවතින තත්වය හේතුවෙන් අනීවාරයෙන්ම මාස 06ක් සදහා රටට අවශ්‍ය සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 10ක් ආනයනය කිරීමට සිදුවන බවයි.