Spread the love

නැදගමුව ,පස්ගම්මන හා කොටුගොඩ ප්‍රදේශයේ මහා පරිමානයෙන් සොරකම් රැසක් සිදුකළ අධිකරණය මගහරිමින් සිටි සැකකරුවකු රුපියල් ලක්ෂ අටක් වටිනා උපකරණ තොගයක් හා කුඩුද සමගින් පසුගියදා නැදගමුව ප්‍රදේශයේදි ගම්පහ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි නැදගමුව ප්‍රදේශයේ පංදිචි අයකු බවත් ක්ෂේඨාධිකරණයේ හා මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු හතරක් තිබෙන අයකු බවත් පොලිසිය පවසයි.
නැදගමුව සිය නිවසේදී හෙරොයින් ග්‍රෑම්අට හමාරක් සමගින් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිීරීමේදී සොරකම් කරන ලද ගෑස් සිලින්ඩර් 6 ක්, වතුර මෝටර් 5 ක් ,තනකොල මැෂින් 2 ක්  ,කොම්පියුටර් 1 ක් ,ග්‍රිල් ග්‍රයිඩර් ,ලී කපන මැෂින් යතුරු පැදි 2 ක් අවට ප්‍රදේශවලට අලෙවි කර තිබියදි සොයා ගැනීමට හැකිවු බව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අකිල රණසිංහ මහතා මහතා පවසයි.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිීිරීමට නියමිතය.

ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ,සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත,ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන්, සැරයන්වරුන්වන රෝෂාන්, 12839 ,ප්‍රේමලාල්32795 ,ප්‍රියන්ත 55431 ,කොස්තාපල්වරුන්වන සම්පත් 1451 ,මාලින්ද39627 , දිල්ශාන් 100160 ,ජයසිංහ80951 යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.