Spread the love


ගණේමුල්ල කැන්දලියද්ද පාලුවේ ශ්‍රී විජය වික්‍රමාරාම විහාරස්ථානයේ බෞද්ධ ජනතාව වෙනුවෙන් සියළු දහම් වැඩසටහන් කරන්නේ විශාල අඩු පාඩු මධ්‍යයේ බව එහි යන කාටත් දැකිය හැකි දසුනකි
මෙම විහාරස්ථානය ගණේමුල්ල නගරයේ සිට කඩවත දෙසට කිලෝමීටරයක් එනවිට හමුවන උළුකඩේ හන්දියෙන් බටුවත්ත පාරේ මිටර් පන්සියයක් යනවිට කැන්ද ලියද්දපාලුවේ පිහිටා ඇත. වසර තුනකට පෙර ඉදිකළ මෙම විහාරස්ථානයේ විශාල වශයෙන් අඩුපාඩු රැසක් පවතී.

චෛත්‍යයක් ,බුදු මැදුරක් නොමැති කම විශාල අඩුවකි. දැනට ඉතා කුඩාවට තැනු බුදු මැදුර එහි යන අප කාටත් දැකිය හැකිය. අමානො තහඩුවලින් තැනු සංඝාවාසය ත් ,තහඩු වලින් තැනු වැසිකිලි කැසිකිලි පද්ධතියකුත් ඇත. ධර්මශාලාවක් ,දහම් පාසල් ගොඩනැගිල්ලක් නොමැති කමින් ඉරිදා දිනයට දරුවන් දහම් පාසලේ අකුරු කරනුයේ ඉතාමත් අසීරුවෙනි. භික්සුන් වහන්සේලා පස්නමක් වැඩම සිටින ශ්‍රී විජය වික්‍රමාරායේ තිබෙන අඩුපාඩු සකස් කර අංග සම්පුර්ණ විහාරස්ථානයක් බවට පත්කර ගැනීම සදහා විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


බුදු මැදුරක්,චෙත්‍යයක් ,සංඝාවාසයක්,ධර්මශාලාවක් ,වැසිකිලි පද්ධතියක්,ඉදිකර ගැනීම සදහා ආධාර උපකාර කිරීමට කැමති සැදැහැ වතුන් සිටීනම් තමන්ට පැමිණ මෙම විහාරස්ථානය බලා හැකි අයුරින් ගොඩනැගිලි ඉදිකර දීමට හෝ ආධාරයක් කිරීමට කටයුතු කරන්නේ නම් ප්‍රදේශයේ ජනතාවට ධර්ම දානය ජනගත කිරීමට හැකි වන බවද කැන්දලියද්දපාලුව ශ්‍රී විජය වික්‍රමාරාමයේ භාරකාර ස්වාමින් වහන්සේ වන පරපාමුල්ලේ සුමනසිිරි හිමියෝ පැවසුහ.