Spread the love



ධාවනයට නුසුදුසු දුම්රිය එංජින් හා මැදිරි ගෙන්වීම , අවශ්‍ය ලිහිසි තෙල් හා අමතර කොටස් නොමැති වීම හේතුවෙන් දිනකට දුම්රිය ගමන්වාර 14 ක් පමණ පාලන අධිකාරිය මගින් අවලංගු කිරීම නිසා මගි ජනතාවට දැඩි අපහසුතාවයකට පත්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දැනට දුම්රිය දෙපාර්තුමේන්තුවට 19382 ක් සේවක සංඛ්‍යාවක් සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ 10500 ට ආසන්න සේවක සංඛ්‍යාවකි.
මේ හේතූන් නිසා උප දෙපාර්තුමේන්තුවලින් ලැබිය යුතු සේවාවන් නිසි පරිදි සිදු නොවේ.මගී ජනතාව වෙත සෘජුවම කටයුතු කරන ප්‍රවාහන උප දෙපාර්තුමේන්තුවේද 3000 ක සේවක පුරප්පාඩුවක් පවතී.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සෘජුව මැදිහත්වී යහපත් සේවාවක් ලබාදීමට කටයුතු කළද ඇතැම් උප දෙපාර්තුමේන්තුවල නිලධාරීන් හා ප්‍රධානීන් ඹවුන්ගේ රාජකාරි නිසියාකාර ඉටු නොකිරීම හේතුවෙන් දුම්රිය පීලි පැනීම් හා දුම්රිය අවලංගු කිරීම් වැඩි විමේ ප්‍රවනතාවයක් පවතී .
මේ හේතුන් නිසා ඉදිිරියේදී මගී ජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බැවින් යහපත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සදහා ජනාධිපතිතුමාගේ දැඩි අවධානය අදාල කරුණු පිළිබදව යොමු කරන ලෙස ඉල්ලා සිටින බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.