ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.
අර්තාපල්, ලොකු ළූණු, දේශීය සම්බා, වියළි මිරිස්, ටින් මාළු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් .
වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් ද,කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද ,සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කර ඇත.
ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් ද,සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින් ද අඩුකර ඇත.