Spread the love


කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාවට විවෘත නොවුවත් හදිසි අත්‍යවශ්‍ය සේවා සදහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අය සදහා පමණක් එක්දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාත්තුමේන්තුවේ කොමසාරිස් (රියදුරු බලපත්‍ර) වසන්ත ආරියරත්න මහතා පවසයි.


මෙම සේවාව ලබාදෙන්නේ හදිසි අවශ්‍යතා සදහාම පමණක් බව තරයේ මතක තබා ගත යුතුයි. පිටරට යාමට අවශ්‍ය අයකුට ,පාසල් දරුවකුගේ අවශ්‍යතාවයකට ,රියදුරු රැකියාක පරීක්ෂණයකට ඉදිරිපත්වීමට යන අය සදහාමය .
මෙහිදී පිටරට යන අයකුගේ නම් විදෙස් ගමන් බලපත්‍රය හා වීසා පරික්ෂා කිරිීමෙන් පසු මෙම සේවාව ලබාදීමට පියවර ගැණේ.මීට අමතරව පිටරට ගිහින් රියදුරු බලපත් ලබා ගන්නා අයකුට අවශ්‍ය ලියකියවිිලිද සකස් කර දීමට නියමිතය.
රට වැහුවත් ඹටෝ මොබයිල් ආයතනය හරහා ජාත්‍යන්තර කර ගැනීමට පැමිණෙන අයගේ රියදුරු බලපත්‍රද වසරක වලංගු කාලයක් ලබා දිමට කටයුතු කෙරේ.
කොරෝනා ඇදිරි නීති සමයේ මහජනතාවට මොනම හේතුවක් සදහාවත් සේවාවන් ලබා නොදෙන අතර හදිසි අවශ්‍යතාවයක් සදහා පමණක් සේවාවන් ලබාදෙනු ඇත. එම සේවාව ලබා ගැනීමට අවශ්‍ය අය පමණක් 0707 677 977 යන දුරකථන අංකයට (Whats app)මගින් හෝඇමතුමක් ලබාදී දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන තම අවශ්‍යතාවටය ඉටුකර ගත හැකි බවද වසන්ත ආරියරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.