Spread the love

හුංගම දකුණු බටඅත ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයකු හුංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක්වූ හුංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු අද (23) අඟුණකොළපැලැස්ස මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.