Spread the love


යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඥාතීන් අතුරුදහන් වීම පිළිබද සාධාරණ විසදුම්ක් ලබා දීමට ජනාධිපතිතුමන් පොරොන්දු වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
එම ප්‍රදේශවල ජනතාව අවස්ථා කිහිපයකදීම තමන් හමුවී ඔවුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බැවින් පසුගියදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය දා ජනාධිපතිතුමන් සමග මෙම ගැටළුව පිළිබද සාකච්ඡා කරන ලදි.

මෙහිදී ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර අතුරුදහන් වු ජනතාවගේ ඥාතීන්ගේ ගැටළුවට සාධාරණ විසදුමක් ලබා දීම සදහා ඔවුන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවයි.

විශේෂයෙන් ජනාධිපතිතුමන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ උතුරු නැගෙනහිර අතුරුදහන් වුවන්ගේ ගැටළුව දැනට වසර කිහිපයක සිට පවතින බවත් ඒ සදහා පසුගිය රජයන් සියල්ලම සාධාරණයක් ඉටු කිරීමට උත්සහ කර ඇතත් ඒ සදහා විසදුම් ලබා දීමට නොහැකි වු බවත් වර්ථමාන රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස මෙම ඉන්දු ලංකා ධීවර ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගැනීමට ඉතා වෙහෙස මහන්සිව කටයුතු කරන බවද ඒ සදහා තමන්ට සහාය දක්වන සියළු දෙනාට ස්තුතිවන්ත වන බවද පැවසීය.