Spread the love

පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ කාර්‍යාල සීඝ්‍රගාමී දුම්රිය අද (15)පෙරවරුවේ කොම්පඤ්ඤවිදිය දුම්රිය ස්ථානය අසළදි පීලි පැනීමකට ලක් ඇත.


මේ මාසයට දුම්රිිය පිලි පැනීම් විශාල සංඛ්‍යාවක් සිදු විය .එත් බලධාරීන් මේවාට විසදුම් ලබා නොදීම විශ්මයට කරුණකි .
දුම්රිය එංජිමේ එක් බෝගියක් පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් මාර්ගයක් සම්පුර්ණයෙන් ම ගමනා ගමනයට බාධා සිදුවු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මේ හේතුව නිසා කාර්යාල මගීන් විශාල පිරිසකට දැඩි අපහසුතාවයට මුහුණ දීමට සිදුවිය.
මේ වනවිට දුම්රියේ මැදිරි ගලවා කොටුව දුම්රිය ස්ථානයට රැගෙනවිත් ඇති අතර දුම්රිය පිලි ගත කිරීමට පියවර ගනිමින් තිබේ.