Spread the love

අද (03)දිනයේ වෙළද පොළට නිකුත් කිරීමට හැකි වන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000 පමණක් බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

එම ගෑස් සිලින්ඩර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ වලට බෙදා හැරීමට කටයුතු කරන බව පැවසීය.සෙසු ප්‍රදේශ වලට අද දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව පැවසීය.ඒ අනුව අද දිනයේ වෙනත් ප්‍රදේශ වල ජනතාව ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැදී සිටිම පලක් නොවන බව සභාපතිවරයා පැවසීය.

හෙට (04) සහ අනිද්දා(05) ඉරිදා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා නොහරින බව එහිදී පැවසීය.

ඒ අනුව ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම් වල රැදී නොසිටින ලෙස දැනුම් දෙයි.

ලබන ඉරිදා ගෑස් මෙට්ට්‍රික්ටොන් 2500ක් රැගත් නෞකවක් මෙරටට සේන්දු වීමට නියමිතයි.ඉන් අනතුරුව ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බව වැඩිදුරටත් සභාපතිවරයා පැවසීය.