Spread the love

(19) අද දවල් 12.00 වනවිට මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක තොගයක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4000 ක් ඇතිබව සදහන් කර තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8300 ක් ඇතිබව එහි සදහන් කර තිබේ.මේ අතර ඉන්දීයන් තෙල් සමාගම සතුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 10000 ක සංචිතයක් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.