Spread the love

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන ව​න බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කලින් සැලසුම් කළ පරිදි උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්ධන කෝටව මෙලෙසින්

ත්‍රීරෝද රථ සදහා දැනට පවතින ලීටර 10 වෙනුවට තවත් ලීටර් පහක් ලීටර් 15 දක්වා ,ත්‍රීරෝද රථ (සාමාන්‍ය) දැනට පවතින ලීටර 5 ලීටර් 8 දක්වා ඉහළට ,යතුරුපැදි සදහා දැනට පවතින ලීටර 4 වෙනුවට ලීටර් 7 දක්වා වැඩි කෙරේ,

බස් රථ සදහා දැනට පවතින ලීටර 40 හ, ලීටර් 60 දක්වාත්, මෝටර් රථ සදහා දැනට පවතින ලීටර 20 ලීටර් 30 දක්වාත් , වෑන් රථ සදහා දැනට පවතින ලීටර 20 ලීටර් 30 දක්වාත්, ගොඩබිම් වාහන සදහා දැනට පවතින ලීටර 15 ලීටර් 25 දක්වා ත් ,*ලොරි රථ සදහා දැනට පවතින ලීටර 50 ලීටර් 75 දක්වාත් ,විශේෂ කාර්ය වාහන සදහා දැනට පවතින ලීටර 2 ලීටර් 30 දක්වාත් වැඩි කෙරේ.