Spread the love

ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට ලැබෙන අවසන් ඉන්ධන නෞකාව (16) අද දිනයේ මෙරටට සේන්දු වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම නෞකාව මගින් ඩීසල් මෙට්ට්‍රික්ටොන් 40000 රැගෙන එයි.එම නෞකාවෙ රැගෙන එන ඩීසල් තොග බෙදා හැරීමට තවත් දින 03ක් ගතවනු ඇතිබව එම සංස්ථාව සදහන් කරයි.

මේ අතර දෛනිකව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳ තොරතුරු www.ceypetco.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් නිරීක්ෂණය කර හැකිය.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල මුහුණු පොතේ ද එම තොරතුරු දක්වා තිබේ.

මේ අතර ගෑස් මිළ රුපියල් 210කින් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇතිබව ලිට්රෝ සමාගම පවසයි.ගෑස් ආනයනය කිරීමේදී දැරීමට සිදුවන පාඩුව අවම කර ගැනීම අරමුණ වී තිබේ.

ඉදිරියේදී ගෑස් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සදහා සැලසුම් මේවන විට සකස් කර ඇතිබව එම සමාගම පවසයි.

ඊට අදාළ තවත් මූලික වටයේ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව ලිට්රෝ සමාගම පවසයි.එම සාකච්ඡාව ඕමාන් සමාගමක් සමඟ පැවැත්වෙන බව වැඩිදුරටත් එම සමාගම සදහන් කරයි.