Spread the love

විදුලි කප්පාදුව අද (15) දිනයේත් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා උදෑසන 09.00 සිට දහවල් 5.00 දක්වා වේලාව තුළ පැය දෙකක කාලයක් හා සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වේලාව තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.