Spread the love

අද (21) දිනයේත් කලාප ක්‍රමයට අනුව විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 40 ක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 50 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 40 ක කාලයක් A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහාවිදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.