Spread the love

21 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 06.45 විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ අතර 19 වෙනි සං⁣ශෝධනය   21වෙනි සංශෝධනය ආකාරයෙන් නැවත බලාත්මක කිරීම පළමු පියවර ලෙස සිදුකිරීමට යෝජනා වී ඇතිබව එම කාර්යාලය පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දෙවන පියවර ලෙසත් සිදු කිරිමට පක්ෂ නායකයින් මේවන විට එකඟ වී තිබේ.
ජනාධිපතිවරයාට ආරක්‍ෂක අමාත්‍යධුරය තබාගත හැකිද නැද්ද යන්න පිළිබඳවද පක්ෂ නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.