Spread the love

පැය තුනෙන් පරීක්ෂණ වාර්තා දෙන කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු ඇරඹේ.

අද සවසහයයි තිහට ඩුබායි සිට පැමිණි ek652 දරන එමිරේට්ස් ගුවන්යානයක පැමිණි පනස් තුන් දෙනෙකු මුලින්ම PCR පරීක්ෂණ සඳහා ලියා පදිංචි වූහ. මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහාසංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් GAචන්ද්‍රසිරි උප සභාපති රජු සූරියාරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම පිරිස පරීක්ෂණාගාරය ට අදාළ කැබිනට් පත්‍රිකාවඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින්කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තේ පසුගිය ජූලි මස නම වනදායි . ඒ අනුව මෙරටට පැමිණෙන ඕනෑම අයෙකුට ඩොලර් 40 ක මුදලකට මෙම PCR පරීක්ෂණාගාරයෙන් PCR පරීක්ෂාව සිදු කළ හැකි වන අතර එය නෙගෙටිව් නම් නිවෙස් බලා ගමන් කළ හැකිය. pCR වාර්තාව පැය තුනකින් ලබාදීමට සැලසුම් කර තිබේ. pCR වාර්තාව negative වන සංචාරකයන්ට රට පුරා සංචාරය කිරීමට ද අවස්ථාව හිමිවේ.