Spread the love

විදුහල්පති තරග විභාගය පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බදවා ගැනීමට 2019 වසරේ පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැදවීමට තීරණය කළ බවයි එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ ලබන 22 දා සිට ජූනි පළමු වන දා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබද තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.