Spread the love

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) දිනයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අවලංගු කල බව ප්‍රකාශයට පත් කොට ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ශ්‍රේෂ්ඨාධිකරණ, මහාධිකරණ, මහේත්‍රාත් අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ඇතුළු තවත් ස්ථාන කිහිපයක් අධි ආරක්ෂික කලාප බවට පත් කරමින් පසුගිය වනදා ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ