කොටදෙනියාව ,දිවුලපිටිය,මැල්ලවගෙදර හා ගොඩිගමුව යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි අධිකරණයට කට්ටි පනිමින් සිටි වරෙන්තු කරුවන් 12 දෙනෙකු මීරිගම සුරාබදු නිලධාරින් ඊයේ(01) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට රුපියල් 148 000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
මින් ඉදිරියටත් අධිකරණය මගහරිමින් සිටින සැකකරුවන් තරා තරම නොබ ලා අත්අඩංගුවට ගන්නා බවත් දිගින් දිගටම මත්ද්‍රව්‍ය වැටලිම් සිදු කරන බවත මිරිගම සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත, ගම්පහ සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතාගේ මෙහෙයවීමෙන් ,මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.සි යාපා මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු සැරයන් මේජර් පාලිත කෝප්‍රල්වරුන්වන 867 කපිල ,896 අසේල ,නියාමකවරුන්වන 694 දුලාන් 1144 රසික රියදුරු සුදත් ප්‍රියන්කර යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.